Latest News

අද තරගයට සහභාගී වන ක්‍රිකට් තරුවකගේ නිවසට වෙඩි ප්‍රහාරයක් – 05 දෙනෙකු අත්අඩංගුවට

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තාන කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩක නසීම් ෂා ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.

ප්‍රහාරකයින් විසින් නිවසේ ගේට්ටුවට වෙඩි තබා පලා ගොස් ඇති අතර එරට ආරක්ෂ අංශ විසින් වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

විමර්ශන වලින් අනතුරුව මෙම ප්‍රහාරයට පැමිණි සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවටයි එරට මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට හනියක් සිදුව නොමැති බව වාර්තා වේ.

එමෙන්ම වේගවත් පන්දු ක්‍රීඩක නසීම් ෂා අද (11) ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන බව පවසයි.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරඟ තුනකින් යුත් එක්දින තරගාවලිය අද පාකිස්තානයේ රාවල්පින්ඩි හිදී ආරම්භ වීමට නියමිතය.

World News

Send your contact Details Today