ජුනි මාසයේදී පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවූ එයාර් ඉන්දියා ගුවන් අනතුර පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මූලික වාර්තාව නිතුත් වී තිබේ.
ඒ අනුව එහි නියමුවන්ට එරෙහිව කිසිදු සෘජු චෝදනාවක් නොමැති බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර සිටියේය.
මෙම වසර මුලදී නිකුත් කළ අතුරු වාර්තාවක සඳහන් වූයේ ගුවන් යානය ගුවන්ගත වූ වහාම ඉන්ධන එන්ජින් ස්විචයන් cut-off සිට take-off දක්වා එකවරම පෙරළී ඇති බවයි.
අනතුරට පත් යානයේ නියමුවාගේ පියා වූ පුෂ්කර් රාජ් සබර්වාල් විසින් විශේෂඥ මණ්ඩලයක් පත් කර නව පරීක්ෂණයක් සිදු කිරීමට අධිකරණයෙන් ඉල්ලීමක්ද ඉදිරිපත් කරනු ලැබුවේය.
ඔහු පැවසුවේ ඉන්දියාවේ ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු තමා බැලීමට පැමිණි විට, ඔහුගේ පුතා වූ අනතුරට පත් යානාවේ නියමු සුමීත් සබර්වාල්, ගුවන් ගත වීමෙන් පසු යානයේ එන්ජිමට ඉන්ධන ස්විචයන් take-off කර ඇති බව ඇඟවූ බවයි.
රජය එවැනි චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, විමර්ශනය ඉතා පිරිසිදු සහ ඉතා ගැඹුරු ලෙස සිදුකර ඇති බවද දැනුම් දුන්නේය.
ස්වාධීන පරීක්ෂණයක් සඳහා නියමුවාගේ පියා විසින් කරන ලද ඉල්ලීම නොවැම්බර් 10 වන දින අධිකරණය විසින් විභාග කෙරේ.