Latest News

ළමුන්ට දුන් COVID 19 එන්නත්වලින් සිදුවන දෙයක් ගැන නවතම අනාවරණයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

COVID-19 වෛරසය වැළදීමට වඩා ඊට එරෙහි එන්නත් මගින් දරුවන්ගේ හදවත් රෝග අවදානම සැලකිය යුතු ලෙස අඩු කරන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

COVID-19 වැළඳෙන දරුවන්ට හෘද දැවිල්ල (heart inflammation) ඇතිවීමේ අවදානමක් ඇති නමුත් වෛරසයට එරෙහිව එන්නත් කිරීමෙන් එම අනතුරට මුහුණ නොදෙන බවයි එහිදී සොයාගෙන ඇත්තේ.

ද ලැන්සෙට් ළමා හා යොවුන් සෞඛ්‍ය වාර්තාව (The Lancet Child & Adolescent Health) මගින් 2020 සහ 2022 අතර එක්සත් රාජධානියේ වයස අවුරුදු 18 ට අඩු මිලියන 14 කගේ පමණ සෞඛ්‍ය වාර්තා පරීක්ෂා කර තිබේ.

COVID-19 වැළඳීමෙන් පසු මාස ​​හයක් තුළ මයෝකාඩයිටිස් (myocarditis) හෝ පෙරිකාර්ඩයිටිස් (pericarditis) වැනි බරපතල හෘද රෝග ඇති වීමේ සැලකිය යුතු අවදානමක් ඇති බවයි අධ්‍යයනයේදී හෙළි කරගනු ලැබුවේය.

කෙසේ වෙතත්, පර්යේෂකයින් පවසන්නේ වෛරසය සඳහා ෆයිසර් එන්නත ලබා ගැනීමෙන් පසු දුර්ලභ හෘද සංකූලතා ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවයි.

නවතම දත්ත අනුව, COVID-19 වැළදීමෙන් පසු ළමුන් තුළ හදවත් රෝග ඇතිවීමේ අවදානම එන්නතෙන් පසු ඇතිවීමේ අවදානමට වඩා බෙහෙවින් වැඩි බව ද සොයගෙන තිබේ.

කෙසේ වෙතත්, විද්‍යාඥයින් පවසන්නේ මෙම නව සොයාගැනීම මත, ළමුන්ට එන්නත් ලබාදීම පිළිබඳ ස්ථාවරය වෙනස් විය යුතු බවයි.

World News

Send your contact Details Today