Latest News

අමෙරිකාවේ ප්‍රධාන ගුවන්තොටුපළ 40ක් අවදානමේ

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු රජයේ වසා දැමීම දිගටම පැවතුනහොත්, සිකුරාදා උදෑසන සිට එක්සත් ජනපදයේ ප්‍රධාන ගුවන්තොටුපළ 40 ක ගුවන් ගමන් ධාරිතාව 10% කින් අඩුවනු ඇතැයි ඇමෙරිකානු ප්‍රවාහන ලේකම් ෂෝන් ඩෆි අනතුරු ඇඟවීය.

ගුවන් ගමනාගමන පාලකවරුන්ට සිදු කිරිමට ඇති අධික වැඩ තොගය පිළිබඳ ගැටළු වාර්තා කර ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බව ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ (FAA) ප්‍රධානියා බදාදා ඩෆි සමඟ පැවති සාකච්ඡාවකදී පවසා තිබේ.

“එය අසාමාන්‍යයි, වසා දැමීම අසාමාන්‍යයි, අපගේ පාලකයන්ට මාසයක් සඳහා වැටුප් නොලැබීම අසාමාන්‍යයි,” FAA ප්‍රධානී බ්‍රයන් බෙඩ්ෆර්ඩ් පැවසීය.

ඇමරිකානු ඉතිහාසයේ දීර්ඝතම වසා දැමීම අතරතුර, පාලකයන්ට වැටුප් නොමැතිව වැඩ කිරීමට සිදු වූ අතර, සමහරු අසනීප බව ප්‍රකාශ කිරීමට හෝ අතුරු රැකියා ලබා ගැනීමට පෙළඹ තිබේ.

ගුවන් ගමන් අඩුකළ හොත් දිනකට අවලංගු විය හැකි ගුවන් ගමන් වාර සංඛ්‍යාව 3500-4000 අතර වෙනු ඇතැයි වාර්තා වෙයි.

World News

Send your contact Details Today