Latest News

නයිජීරියාවට, ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නයිජීරියාව කිතුනුවන් ඝාතනය කිරීම සහ හිරිහැර කිරීම නවත්වන්නෙ නැති නම් නයිජීරියාවට එරෙහිව හමුදාව සන්නද්ධ කරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

නයිජීරියානු රජයට මෙම අමානුෂීය ප්‍රහාර වලට ඉඩ නොදිය යුතු අතර කිතුනුවන් ඉලක්ක කරන ප්‍රහාරවලට වහාම තිත තැබිය යුතු බවයි ට්‍රම්ප් නිවේදනය කළේ.

නයිජීරියාවට ලබා දෙන ඇමරිකානු ආධාර සහ සහයෝගය නවත්වා දැමීමටත්, අවශ්‍ය නම් “Guns-a-Blazing” ලෙස ක්‍රියා කිරීමට සූදානම් බවත් ඔහු අනතුරු අඟවා තිබෙයි.

අමෙරිකානු ආරක්ෂක අමාත්‍යාංශයට (Pentagon) නයිජීරියාවට එරෙහි මෙහෙයුම් සැලසුම් කිරීම ආරම්භ කරන ලෙසද ට්‍රම්ප් උපදෙස් ලබා දී තිබේ.

මේ අතර නයිජීරියානු ජනාධිපති බෝලා ටිනුබු, ට්‍රම්ප්ගේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කළේ, නයිජීරියාව ආගමිකව පිරිහී ඇති රටක් ලෙස නිරූපණය කිරීමේ ට්‍රම්ප්ගේ උත්සහය අසාර්ථක බවයි.

ඔහු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ නයිජීරියාව සියලු ආගම්වල ජනතාවගේ ආරක්ෂාව සහ නිදහස උදෙසා වගකීම් භාරගන්නා රටක් බවයි.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ නයිජීරියාව තුළ සිදු වන ප්‍රහාරවලට ආගමික හේතු පමණක් නොව, අන්තවාදී ක්‍රියා, දේශපාලන ගැටළු, භූමි ගැටුම් සහ සම්පත් ගැටලුද හේතු වන බවයි.

World News

Send your contact Details Today