Latest News

ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් අසල භූමිකම්පාවක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම භූකම්පනය රික්ටර් මාපකයේ 6.3ක ප්‍රබලත්වයක් ගෙන තිබු බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ.

පොළව මතුපිට සිට කිලෝමීටර් 28ක ගැඹුරකින් සිදුව ඇති මෙම ප්‍රබල භූකම්පනයෙන් සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

මැසාර්-ඊ ෂරීෆ් හි ලක්ෂ පහකටඅධික පිරිසක් වාසය කරන අතර, භූමිකම්පාව සිදු වූ අවස්ථාවේ නගරයේ පදිංචිකරුවන් බොහෝ දෙනෙක් වීදිවලට ​​දිව ගිය බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

World News

Send your contact Details Today