Latest News

කටුනායක ගුවන්තොටුපළේ සුඛෝපභෝගී බස් සේවය නවතී

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පසුගියදා ආරම්භ කළ සුඛෝපභෝගී බස් සේවාව අත්හිටුවා තිබෙනවා.

ඒ මෙම බස් රථ සේවය ආරමභ කළ පසුව පාර්ශව කිහිපයක් ඊට විරෝධය පළකර තිබීම හේතුවෙන්.

ඒ අතර ගුවන් තොටුපොළ – කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය පෙරමුණ ගෙන සිටියා.

පසුව ඔවුන් බස් රථ වර්ජනයක් ආරම්භ කිරීමටද පියවර ගත් බවයි කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පවසන්නේ.

මෙම විරෝධතා ව්‍යාපාරයට කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ ධාවන සංගම් ද එක්ව සිටියා.

මේ අතර ඔවුන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයට සහ මැතිවරණය කොමසාරිස් කාර්යාලය වෙත ගොස් සිය විරෝධතා ප්‍රකාශ කර තිබුණා.

මේ කරුණු මත, එම සුඛෝපභෝගී බස් සේවාව ආරම්භ කොට දින 4කට පසුව සුඛෝපභෝගී බස් රථ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

World News