Latest News

Amazon සමාගම තම දෙවැනි විශාලතම රැකියා කප්පාදුව සිදු කරයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තාක්ෂණික ලෝකයේ දැවැන්තයෙකු වූ Amazon සමාගම, මෙම සතියේදී ආයතනික රැකියා 30,000 ක් ඉවත් කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වෙයි.

මෙම විශාල සේවක කප්පාදුව සමාගමේ කාර්ය මණ්ඩලයේ සම්පූර්ණ සංඛ්‍යාවෙන් 10% පමණ වන බව සඳහන්.

එසේම මෙම පියවර ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි ජැසිගේ කාර්යක්ෂමතා වැඩසටහනේ කොටසක් බව සඳහන් වේ.

බලපෑමට ලක් වූ සේවකයින්ට අඟහරුවාදා දින email මගින් නිල දැනුම්දීමක් ලැබෙනු ඇති බව Amazon සමාගම පවසයි.

2022 වසරේදී ඇමසන් විසින් තනතුරු 27,000 ක් ඉවත් කිරීමෙන් පසු සිදුකළ දෙවැනි විශාලතම රැකියා කප්පාදුව ලෙස‍‍යි මෙය සැලකෙන්නේ.

වසංගත සමයේදී අධික බඳවා ගැනීම් සහ වැඩි වියදම් නිසා සමාගම දැන් වියදම් පාලනය සහ කාර්යක්ෂමතා වැඩි කිරීමේ අභියෝගයක නිරත වෙමින් පවතියි.

කෙසේවෙතත් AI (කෘතිම බුද්ධිය) මගින් සමාගමේ කාර්යබහුලතාවය වෙනස් කරමින්, අනාගතයේදී කුඩා ශ්‍රම බලකායක් ඇති කරනු ඇති බව ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි ජැසි මීට පෙර ප්‍රකාශ කර තිබෙනවා.

එසේම AI මඟින් කාර්යක්ෂමතාව ඉහළ යන විට, අපේක්ෂිත රැකියා වලින් සමහරක් අඩු විය හැකි අතර, නව තාක්ෂණික තනතුරු වැඩි වනු ඇති බව ඔහු ලියූ Blog සටහනක දැක්වේ.

Amazon සමාගමේ මෙම තීරණය තාක්ෂණික අංශය පුරා AI මඟින් මිනිස් රැකියා වලට එන බලපෑමක් බවත්, එය නව කාර්ය සංග්‍රාමයක ආරම්භයක් බවද විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

World News

Send your contact Details Today