දිනකට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව ආසන්න වශයෙන් 1,000කට සීමා කරමින් ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නව රෙගුලාසි ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එම අමාත්‍යාංශය පවසන පරිදි, විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ අන්තර්ජාලය හරහා තම දිනය සහ වේලාව වෙන් කර ඇති පුද්ගලයින්ට පමණයි.
දැනට නිකුත් කර ඇති මුළු විදේශ ගමන් බලපත්‍රවලින් භාවිත කර ඇත්තේ සියයට 23ක් පමණක් බවත් අමාත්‍යාංශය අනාවරණය කළා.