Latest News

අඩි 36,000ක් අහ­සේදී ගුවන් යානයක අභ්‍ය­ව­කාශ සුන්බුන් ගැටී සිදුවුණ දේ

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙ­රි­කාවේ ඩෙන්වර් කොලො­රාඩෝ ප්‍රාන්තයේ ඩෙන්වර් නුවර සිට ලොස් ඇන්ජ­ලීස් බලා පියා­සර කළ යුන­යි­ටඩ් ගුවන් සමා­ග­මට අයත් යාන­යක සැක කට­යුතු අභ්‍යාව­කාශ සුන්බුන් ගැටීම හේතු­වෙන් සෝල්ට් ලේක් සිටි නග­ර­යට හදි­සියේ ගොඩ­බස්වා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගුවන් යානය අඩි 36,000ක් ගුව­නේදී එම අන­තුර සිදුවී ඇති අතර, එවැනි ඉහළ අව­කා­ශ­ය­කදී කුරු­ල්ලන් හෝ හිම කැට ගැටී­මක් සිදු නොවන බැවින් අනතුරට හේතුව අභ්‍ය­ව­කාශ සුන්බුන් විය හැකි බවටයි අනු­මාන කර ඇත්තේ.

සැක සහිත අභ්‍ය­ව­කාශ සුන්බුන් ගැටී­මෙන් නියමු කුටියේ වීදුරු කවු­ළුව බිඳී එහි වීදුරු කැබ­ල්ලක් වැදී­මෙන් ගුවන් නිය­මු­ව­කුගේ අතක් කැපී ගොස් ඇතැයි ද යුන­යි­ටඩ් ගුව­න්සේවා සමා­ගම නිවේ­ද­නය කර තිබෙනවා.

මෙවැනි අන­තු­රක් සිදු­වීමේ සම්භා­වි­තාව ට්‍රිලි­ය­න­ය­කට එකක් පම­ණක් බවත්, බොහෝ විට එවැනි අන­තු­රක් සිදුවූ පළමු අව­ස්ථාව මෙය විය හැකි බවත් එම නිවේ­ද­නයේ සඳ­හන්.

අන­තු­රින් ගුවන්යානයේ කිසිඳු මඟියෙකුට අන­තු­රක් සිදුවී නැති අතර, යානය සෝල්ට් ලේක් සිටි නග­ර­යට ගොඩ­බැ­ස්වී­මෙන් පසු එහි සිටි මගීන් වෙනත් ගුවන්යාන­ය­කින් ලොස් ඇන්ජ­ලීස් වෙත පිටත් කළ බවයි ගුවන් සමා­ගම නිකුත් කළ නිවේ­ද­නයේ සඳ­හන් වන්නේ.

අන­තුර සම්බ­න්ධව අමෙ­රි­කාවේ ජාතික ප්‍රවා­හන ආර­ක්ෂක මණ්ඩ­ලය විම­ර්ශන කට­යුතු ආරම්භ කර තිබෙනවා.

World News

Send your contact Details Today