Latest News

කොලොම්බියාවේ තීරු බදු ගැන ට්‍රම්ප් අලුත් තීරණයක් ගනියි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොලොම්බියාවට පනවා ඇති තීරු බදු ඉහළ නැංවීමට කටයුතු කරන බවට ට්‍රම්ප් ජනාධිපතිවරයා අනතුරු අඟවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොලොම්බියාවට පනවා ඇති තීරු බදු ඉහළ නැංවීමටත් එරටට ලබාදෙන මූල්‍යාධාර අත්හිටුවීමට කටයුතු කරන බවයි.

පසුගිය සතියේ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සඳහන් කරමින් ඇමෙරිකා ආරක්ෂක අංශ යාත්‍රාවකට පහරදී එය විනාශ කළා.

එම ප්‍රහාරය දැඩිව විවේචනය කිරීමටයි කොලොම්බියා ජනාධිපතිවරයා කටයුතු කළේ.

ඊට ප්‍රතිචාර දක්වමින් අමෙරිකා ජනාධිපතිවරයා සදහන් කරන්නේ කොලොම්බියා ජනාධිපතිවරයා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ප්‍රවාහකයෙකු බවයි.

World News

Send your contact Details Today