Latest News

ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානය එල්ල කල කළ ගුවන් ප්‍රහාරවලින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තුන්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දෙරට අතර ක්‍රියාත්මක පැය 48ක සටන් විරාමය අවසන් වීමත් සමග පාකිස්ථානය ප්‍රහාර එල්ල කළ බවට ඇෆ්ගනිස්ථාන චෝදනා කරනවා.

ඇෆ්ගනිස්ථානය ද, සිය හමුදා කඳවුරක් වෙත ප්‍රහාර එල්ල කළ බවට පාකිස්තානය චෝදනා කළා.

මේ වන විට දෙරට අතර ගැටුම් උත්සන්න වෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය සහභාගීත්වයෙන් පත්වීමට නියමිතව තිබෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන් ඇෆ්ගනිස්ථානය ඉවත්වීමට තීරණයකර තිබෙනවා.

පාකිස්ථාන ගුවන් ප්‍රහාරවලින් ඇෆ්ගනිස්ථාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකන් තිදෙනෙක් මියයාමත් සමඟ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම දැඩි තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පක්ටිකා පළාතේ ප්‍රධාන නරගය වන ෂරානා හි පැවති ක්‍රිකට් තරගයකින් පසු නිවසට යමින් සිටි දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු පාකිස්ථාන ගුවන් ප්‍රහාරයකින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඇෆ්ගන් ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

මෙම ඛේදජනක සිදුවීමත් සමඟ පාකිස්ථානයට විරෝධය පළ කිරීමක් ලෙස නොවැම්බර් අගදී පාකිස්ථාන සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ගනිස්ථාන තීරණය කර තිබෙනවා.

කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් යන දේශීය ක්‍රීඩකයින් තිදෙනාට අමතරව තවත් ඇෆ්ගනිස්ථාන ජාතිකයින් පස්දෙනෙක් මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර තුන්කොන් තරගාවලිය එළඹෙන නොවැම්බර් 17 සිට 29 දක්වා පැවැත්වීමටයි කටයුතු සැලසුම්කර තිබුණේ.

කෙසේ වෙතත් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තවමත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර නැහැ.

World News

Send your contact Details Today