Latest News

මෝටර් රථ 13,000 කට අධික සංඛ්‍යාවක් ආපසු කැඳවීමට Nissan සමාගමෙන් පියවර

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෝටර් රථ 13,000 කට අධික සංඛ්‍යාවක් ආපසු කැඳවීමට ඔස්ට්‍රේලියාවේ Nissan සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ ඉන්ධන නල ගැටළුවක් හේතුවෙන්.

Vehicle Recalls Australia විසින් නිකුත් කළ Online නිල නිවේදනයේ දැක්වෙන්නේ බලපෑමට ලක් වූ මෝටර් රථවල නිෂ්පාදන දෝෂයක් හේතුවෙන්, ඉන්ධන නළය ආධාරක බ්‍රැකට් එකට එරෙහිව ඇදී ගොස් හානි සිදුවිය හැකි බවයි.

එසේ සිදුවුවහොත් රිය පැදවීමේදී චලන බලය නැති වීමට එය හේතු විය හැකි අතර ධාවනය අතරතුර ඉන්ධන කාන්දුවක් ඇතිවී බාහිර දැවෙන මූලාශ්‍රයක් සමග සම්බන්ධ වුවහොත් වාහන ගිනි ගැනීමක් සිදුවිය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.

එය මෝටර් රථය තුළ හෝ පිටත සිටින පුද්ගලයින්ට තුවාල සහ මරණ සිදුවීමේ අවදානම වැඩි කළ හැකි බව ද නිවේදනයේ දැක්වෙනවා.

බලපෑමට ලක් වූ මෝටර් රථ අතර 2022 සිට 2024 දක්වා නිෂ්පාදනය කරන ලද Nissan Qashqai J12 – ICE model රථ 13,031ක් ඇතුළත්.

මේ අතර Nissan සමාගම පවසන්නේ අදාළ වාහන හිමියන්ට ගැටලුව පිළිබද ලිඛිතව දැනුම් දෙන අතර, නියමිත විකුණුම් මධ්‍යස්ථානයක් හරහා නොමිලේ අලුත්වැඩියාවක් ලබා ගැනීමට හැකි බවයි.

World News

Send your contact Details Today