වෙනිසියුලාවේ රහසිගත අභ්‍යන්තර මෙහෙයුම් සිදු කිරීමට CIA සංවිධානයට බලය පැවරූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
අමෙරිකාව වෙත මත්ද්‍රව්‍ය ගලා ඒම වැළැක්වීමේ අරමුණින් මේ පියවර ගත් බවට ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මෑත කාලයේ දකුණු අමෙරිකානු කලාපයේ අමෙරිකානු හමුදා මෙහෙයුම් වර්ධනය වී ඇති බවත්, කැරිබියන් මුහුදු තීරය කේන්ද්‍ර කරමින් අමෙරිකානු හමුදා සෙබළුන් දසදහසකට ආසන්න පිරිසක් යොදවා ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
වෙනිසියුලාවේ අභ්‍යන්තර මෙහෙයුම් සිදු කිරිමට CIA සංවිධානයට බලය පැවරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ගනු ලැබූ තීරණය දකුණු අමෙරිකානු රටවල දැඩි අප්‍රසාදයට ලක්වී ඇති අතර, එවැනි කිසිඳු මෙහෙයුමකට ඉඩ නොතබන බව වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ ප්‍රකාශ කර තිබෙනවා.
ඕනෑම මොහොතක අමෙරිකානු ප්‍රහාරයකට මුහුණදීම සඳහා රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරිමට සූදානම් බව ද වෙනිසියුලාවේ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.
පසුගිය සති කිහිපය ඇතුළත අමෙරිකානු හමුදාව කැරිබියන් මුහුදු තීරයේදී සැක සහිත යාත්‍රාවලට අවම වශයෙන් ගුවන් ප්‍රහාර 5ක් එල්ල කර ඇති අතර, පුද්ගලයන් 27 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.