සටන් විරාමය නොතකා ඊශ්‍රායල ගසා තීරයට නැවත ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව සටන් විරාමය ආරම්භ වීමෙන් අනතුරුව දින දෙකක් තුළ සිදු කළ ප්‍රහාරවලින් දෙදෙනෙක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉන් එක් අයෙකු මියගොස් ඇත්තේ අද දිනයේ සිදු කළ ඩ්‍රෝන ප්‍රහාරයකින්.
මේ අතර ජෙරුසුලම ආසන්නයේ සිදු කළ වෙඩි තැබීමකින් තවත් අයෙක් තුවාල ලබා ඇති බව ද සඳහන්.