Latest News

අමෙරිකාවෙන්, චීනයට 500%ක බදු පැනවීමේ සූදානමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයට 500%ක් දක්වා තීරුබදු පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත බලය ලබා දීමට සෙනෙට් සභිකයින් 85 දෙනෙකු සූදානම් බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් බෙසන්ට් පවසනවා.

රුසියානු තෙල් මිලදී ගැනීම් අඛණ්ඩව සිදුකිරීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව ඊයේ (15) ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියා.

චීනයට නව තීරුබදු පැනවීමෙන් ලැබෙන ආදායම යොදා ගනිමින් යුක්රේනයේ යුධ කටයුතු සඳහා ආධාර කිරීමට ‘යුක්රේන විජයග්‍රාහී අරමුදලක්’ පිහිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉහළ පෙළේ නිලධාරියෙකුට උපදෙස් දී තිබෙන බව ද විදෙස් වාර්තාවල දැක්වෙනවා.

මෙම තීරුබදු ක්‍රියාත්මක වුවහොත්, එය එක්සත් ජනපද-චීන වෙළඳ සබඳතාවල පෙර නොවූ විරූ උත්සන්නවීමක් පෙන්නුම් කරනවා.

ගෝලීය තෙල් වෙළඳපොළට සහ ජාත්‍යන්තර වෙළඳාමට එමගින් බලපෑම් ඇති කළ හැකි බවයි සඳහන් වන්නේ.

එවැනි ක්‍රියාමාර්ගවලින් චීනයෙන් ප්‍රතිචාර ලෙස පළිගැනීමේ තීරුබදු වැඩි කිරීමටත් සහ දැනටමත් බිඳෙනසුලු වී ඇති සැපයුම් දාම කඩාකප්පල් කිරීමටත් ඉඩ තිබෙන බව ද විදෙස් වාර්තාවල දැක්වෙනවා.

රුසියානු යුධ කටයුතුවලට තල්ලුවක් ලැබෙන්නේචීනය විසින් රුසියානු තෙල් මිලදී ගැනීමෙන්බවට ට්‍රම්ප් පරිපාලනය මෙන්ම බෙසන්ට් ද අවධාරණය කරනවා.

චීනය රුසියානු බලශක්තියෙන්60%ක් මිලදී ගන්නා බවත්, ඉරාන බලශක්තියෙන් 90%ක් මිලදී ගන්නා බවත් බෙසන්ට් කියාසිටියා.

කෙසේ වෙතත්, වොෂින්ටනයේ යුරෝපීය මිත්‍ර පාක්ෂිකයින් එවැනි ක්‍රියාමාර්ගයකට සහභාගී විය යුතු බවට බෙසන්ට් පවසනවා.

තවද, යුක්රේනයේ ක්‍රියාත්මක වන රුසියානු ඩ්‍රෝන යානාවල චීන කොටස් තිබෙන බව පෙන්වන යුක්රේනයෙන් ලබා දුන් ඡායාරූප අමෙරිකාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව බෙසන්ට් කියාසිටියා.

චීනයෙන් අපනයනය කරන දුර්ලභ පාංශු (Rare Earth) අපනයන සීමා කිරීමේ සැලැස්ම කල් දැමුවහොත්, චීන භාණ්ඩ සඳහා වන ඉහළ අමෙරිකානු තීරුබදු කල් දැමීමේ හැකියාවක් ඇති බවට බෙසන්ට් ඉඟි කරනවා.

චීනය ලෝකයේ දුර්ලභ පාංශු ඛනිජවලින්70%ක් පමණ නිෂ්පාදනය කරනවා. ඒවා සැකසීම අතින් ලෝක නිෂ්පාදනයෙන්90%ක් පාලනය කරන්නේ ද චීනයයි.

මෙම ලෝහ ඉලෙක්ට්‍රොනික උපකරණ, ආරක්ෂක කටයුතු, සුළං බලශක්තිය සහ මෝටර් රථ සඳහා යොදා ගැනෙන්නක්.මෙම සැපයුම්වල ප්‍රමුඛයා වන්නේ චීනයයි.

නව චීන නීතිවලට අනුව, මෙම ඛනිජවල ඉතා සුළු ප්‍රමාණයක් පවා අඩංගු නිෂ්පාදන අපනයනය කිරීමට පෙර විදේශීය සමාගම් පවා චීන රජයේ අනුමැතිය ලබා ගත යුතුයි.

චීනය සැපයුම් දාමවලටත් සමස්ත නිදහස් ලෝකයේ කාර්මික පදනමට ‘බසූකාවක් එල්ල කර ඇති’ බවයි ඔහු චෝදනා කරන්නේ.

දුර්ලභ පාංශු අපනයන සීමා කිරීමට එරෙහිවඉන්දියාව ඇතුළුමිත්‍ර පාක්ෂිකයන් සමඟ එක්ව කටයුතු කිරීමේ වැදගත්කම භාණ්ඩාගාර ලේකම්වරයා අවධාරණය කරනවා. යුරෝපීයයන්, ඉන්දියානුවන් සහ ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ඇතුළු මිත්‍ර පාක්ෂිකයන්ගෙන් සැලකිය යුතු ගෝලීය සහායක් අපේක්ෂා කරන බව බෙසන්ට් පැවසුවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොවැම්බර් 1 සිට ආරම්භ වන පරිදි චීන භාණ්ඩ සඳහා අතිරේක 100% තීරුබදු පැනවීමට පියවර ගෙන තිබෙනවා.

එසේ වුවද, ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පිංමේ මස අගදී දකුණු කොරියාවේදී හමුවීමට නියමිතයි.

බෙසන්ට් වැඩිදුරටත් කියා සිටියේ, ට්‍රම්ප්ට පෙර ආසියාවට ගොස් චීන උප අගමැති හේ ලිෆෙන් හමුවීමට තමාට ඉතා හොඳ අවස්ථාවක් ඇති බවයි.

‍අමෙරිකාව සමඟ වෙළඳ යුද්ධයකදී “අවසානය දක්වා සටන් කිරීමට” සූදානම් බවට චීනය අනතුරු ඇඟවීම් කර තිබෙනවා.

World News

Send your contact Details Today