Latest News

ගුවන්යානයක් කඩා වැටෙයි – දෙදෙනෙකු ජීවිතක්ෂයට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ අධිවේගී මාර්ගයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මැසචුසෙට්ස් අධිවේගී මාර්ගයටයි මෙම සැහැල්ලු ගවන් යානය කඩා වැටී ඇත්තේ.

68 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු හා 66 හැවිරිදි කාන්තාවක් අනතුරෙන් මියගිය ගොස් ඇති බව පොලීසිය නිවේදනය කරනවා.

එම ගුවන් යානය මෝටර් රථයකද ගැටී ඇති අතර එහි ගමන් කළ කාන්තාවක් ද තුවාල ලබා තිබෙනවා.

ඇයගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

අධිවේගී මාර්ගය කාර්ය බහුල උදෑසන කාලයේ දී මෙලෙස ගුවන් යානය කඩා වැටීමට ලක්ව ඇති බවද සඳහන්.

අනතුර සිදුවීමත් සමග අධිවේගී මාර්ගය වසා දැමීමට ද පියවර ගැණුනා.

World News

Send your contact Details Today