Latest News

චීන කාන්තාවන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව ගැන නවතම අනාවරණයක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පසුගිය වසර 25ක කාලය තුළ චීන කාන්තාවන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව සැලකිය යුතු ආකාරයට ඉහළ ගොස් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අදාළ දත්ත පරිදී චීන කාන්තාවකගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 73.3ක් වූ 2000 වර්ෂයේ සිට, 2025 වර්ෂය වන විට වසර 80.9ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

එම වාර්තාවේ දැක්වෙන ආකාරයට මෙය වසර 25ක කාල පරාසය තුළ වසර 7.6ක (10.4%) ප්‍රබල වර්ධනයක් බවයි වාර්තා වන්නේ.

එසේම මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම දියුණුවට ප්‍රධාන හේතු වශයෙන් දක්වා ඇත්තේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විශාල පියවර, ජීවන තත්ත්වයන්හි ගුණාත්මක වෙනස්කම්, සහ රාජ්‍ය සමාජ සුබසාධන වැඩසටහන්.

තවද ඊට අමතරව, නව පරපුරේ කාන්තාවන් තම සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීමත්, ආහාර රටා සහ මනෝභාවයන්හි විධිමත් බවත් මෙයට බලපා ඇති බව විශේෂඥයන් දක්වනවා.

World News

Send your contact Details Today