කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවේ සමාරම්භක උත්සවය අද (13) චීනයේ බෙයිජිං නුවරදී ආරම්භ වුණා.
ඒ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන්.
කාන්තාවන්ගේ පූර්ණ ප්‍රගමනය තවදුරටත් සහතික කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.
වසර 30කට පෙර බෙයිජිං හි පැවති ලෝක කාන්තාවන්ගේ සිව්වන සමුළුවේ දී සංධිස්ථානාත්මක ‘බෙයිජිං ප්‍රකාශනය’ සහ ‘මෙහෙයුම් මාර්ගෝපදේශය’ සම්මත කෙරුණු බව ෂී ජින්පිං මහතා එහිදී පැවසුවා.
ලොව පුරා කාන්තා සංවර්ධනයට තවදුරටත් සහාය වීම සඳහා ඉදිරි වසර පහ තුළ චීනය එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයට ඇ.ඩො. මිලියන 10ක් පරිත්‍යාග කිරීමට සූදානම් බව ෂී ජින්පිං මහතා මෙහිදී ප්‍රකාශ කළා.
ජාත්‍යන්තර සංවිධාන සමඟ කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සහයෝගිතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා, ඇ. ඩො. මිලියන 100 ක ගෝලීය සංවර්ධන සහ දකුණු-දකුණු සහයෝගිතා අරමුදලක් ලබා දීමට ද චීනය සූදානම් බව ප්‍රකාශ කෙරුණා.
කාන්තාවන් සහ ගැහැණු ළමුන්ට ප්‍රමුඛත්වය දෙමින්, ජනතාවගේ ජීවනෝපාය සංවර්ධන ක්ෂේත්‍රයේ “කුඩා පරිමාණ මෙන් ප්‍රයෝජනවත්” ව්‍යාපෘති 1,000 කට ආධාර ලබා දීමට නියමිතයි. එමෙන්ම හුවමාරු සහ පුහුණුව සඳහා චීනයට පැමිණෙන ලෙස කාන්තාවන් පනස් දහසකට අවස්ථාව ලබා දීමට චීනය සැලසුම් කර තිබෙනවා.