Latest News

පාකිස්තානයට මිසයිල ලබා දීම පිළිබඳව මාධ්‍ය වාර්තාවලට අමෙරිකාවෙන් ප්‍රතිචාර

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෑතකදී සංශෝධනය කරන ලද ආරක්ෂක කොන්ත්‍රාත්තුවක් යටතේ පාකිස්තානයට නව මධ්‍යම පරාස ගුවන් මිසයිල (AMRAAM) ලැබෙනු ඇති බවට පළවන මාධ්‍ය වාර්තා එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ගිවිසුම මඟින් නඩත්තු සහ අමතර කොටස් සහාය පමණක් ආවරණය වන බවත්, නව ආයුධ බෙදාහැරීම නොවන බවයි එක්සත් ජනපදය පැහැදිලි කර ඇත්තේ.

පාකිස්තානයේ මාධ්‍ය වාර්තා මඟින් යුද දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් යාවත්කාලීන කිරීම නව මිසයිල අලෙවියක් ලෙස අර්ථකථනය කිරීමෙන් පසුව මෙම පැහැදිලි කිරීම සිදුකර ඇති බව සඳහන්.

අදාළ කොන්ත්‍රාත්තුව මගින් එක්සත් රාජධානිය, ජර්මනිය, ඊශ්‍රායලය, ඔස්ට්‍රේලියාව, කටාර්, ඕමානය, සිංගප්පූරුව, ජපානය, කැනඩාව, බහරේනය, සෞදි අරාබිය, ඉතාලිය, කුවේට්, තුර්කිය සහ පාකිස්තානය ඇතුළු රටවල් කිහිපයකට විදේශීය යුද උපාංග විකුණුම් ඇතුළත් වන අතර 2030 මැයි වන විට අවසන් කිරීමට අපේක්ෂිතයි.

World News

Send your contact Details Today