සතුරු තර්ජනවලින් ආරක්ෂා වීමට සහ ආරක්ෂක වියදම් වැඩි කරමින් තායිවානය “T-Dome” නමින් නව ගුවන් ආරක්ෂක පද්ධතියක් ගොඩනගන බව ජනාධිපති විලියම් ලායි පවසනවා.
එමෙන්ම ඔහු චීනයෙන් ඉල්ලා සිටියේ සිය රට අල්ලා ගැනීම සඳහා බලය යෙදවීම අතහැර දමන ලෙසයි.
විශාල හමුදාවක් ඇති සහ රහසිගත ප්රහාරක ජෙට්, ගුවන් යානා ප්රවාහන යානා, මිසයිල, දියුණු නවීන ආයුධවලින් සන්නද්ධ චීනයෙන් එල්ල වන ආරක්ෂක අභියෝග සඳහා මුහුණ දීමට තායිවානය මෙලෙස සිය ආරක්ෂක වියදම් වැඩි කරමින් සහ එහි සන්නද්ධ හමුදා නවීකරණය කරමින් සිටින බව ද වාර්තා වනවා.