Latest News

සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නිව් සව්ත් වේල්ස් හී Illawarra ප්‍රදේශයේ Shellharbour ගුවන්තොටුපොළ ආසන්නයේ සිදුවූ සැහැල්ලු ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එරට වේලාවෙන් අද උදෑසන 10 ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව නිව් සව්ත් වේල්ස් පොලිසිය සදහන් කළා.

පොලිසිය සඳහන් කළේ ගුවන් යානය ගුවන්ගත වී විනාඩි කිහිපයකට පසු කඩා වැටී ඇති බවයි.

අනතුරුව ගුවන් යානය ගිනිගෙන තිබෙන අතර Fire and Rescue NSW මගින් ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

අනතුරින් මියගිය තිදෙනාගේ අනන්‍යතාවය තවම තහවුරු කර නොමැති අතර වෙනත් කිසිඳු පුද්ගලයෙකුට තුවාල සිදු වී නෑ.

මේ වන විට අනතුරේ නිශ්චිත හේතුව සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

World News

Send your contact Details Today