Latest News

අමෙරිකානු නියෝජිතයෙකුගෙන්, චීනයට චෝදනා

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විවෘත යුද්ධයක් ඇති නොකර ඉන්දු-පැසිෆික් කලාපය පුරා තම භෞමික සහ සමුද්‍රීය හිමිකම් පුළුල් කිරීම සඳහා දිගුකාලීන සහ ගණනය කළ උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරන බවට චීන කොමියුනිස්ට් පක්ෂයට අමෙරිකානු නියෝජිතයෙක් චෝදනා එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නැගෙනහිර ආසියාව, පැසිෆික් සහ ජාත්‍යන්තර සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තිය පිළිබඳ එක්සත් ජනපද සෙනෙට් විදේශ සබඳතා උප කමිටුවේ විභාගයකදී, සෙනෙට් සභික ක්‍රිස් කූන්ස් ඒ සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇති බවයි.

චීනයේ මෙම ව්‍යාප්තිය 2014 දී ක්‍රිමියාවේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ක්‍රියා පිළිබිඹු කරන බව ද ඔහු පවසා තිබෙනවා.

චීනයේ උපක්‍රම හිතාමතාම සෘජු මිලිටරි ගැටුමක පිළිඹිබුව වඩා පහළින් පැවතීම නිසා අනුප්‍රාප්තික එක්සත් ජනපද පරිපාලන කිහිපයක් ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වූ බව ද ඔහු පැවසු බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර කොංග්‍රසය ඉදිරියේ සාක්ෂි දුන් විශේෂඥයින් අවධාරණය කර තිබුණේ චීන කොමියුනිස්ට් පක්ෂය එහි භෞතික භූමිය සහ ගෝලීය බලපෑම යන දෙකම පුළුල් කිරීම සඳහා නීති විරෝධී සහ බලහත්කාර ක්‍රම භාවිතා කරන බවයි.

තායිවානය මත එහි වර්ධනය වන මිලිටරි පීඩනය සහ චීනයේ වෙරළ තීරයේ සිට සැතපුම් සිය ගණනක් දුරින් පිහිටි දකුණු චීන මුහුදේ ප්‍රදේශවල දූපත් සහ ස්වාභාවික සම්පත් සඳහා එහි නීති විරෝධී හිමිකම් කෙරෙහි එහිදී විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවත් එම මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

World News

Send your contact Details Today