Latest News

අධික මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන මර‍ණවලට විසඳුමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අධික මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇති හුස්ම ගැනීමේ අපහසුතා වළක්වා ගැනීමේ ඖෂධයක් ලෙස Naloxone nasal spray ලඟ තබා ගැනීමට ඔස්ට්‍රේලියානු රජය විසින් නීතිමය අවසර ලබාදී තිබෙනවා.

නිව් සවුත් වේල්ස්හි ක්ලබ් සහ සංගීත ශාලා ආශ්‍රිතව අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවන මර‍ණ ඉහල යාම හේතුවෙනුයි එරට රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙම වැඩසටහන අනුව ලියාපදිංචි මත්පැන් විකිණීමේ ස්ථාන වල Naloxone nasal spray තබා ගැනීමට සහ එය භාවිත කිරීමට අවශ්‍ය පුහුණුව සහ උපදෙස් ලබා ගැනීමටද හැකියාව පවතිනවා.

Naloxone nasal spray එක මගින් ඔපියොයිඩ් (opioid) වර්ගයේ මත්ද්‍රව්‍ය අතිරික්ත භාවිතයෙන් ඇතිවන අතිශය හුස්ම අවහිර වීම සහ මරණය වැළැක්විය හැකි අතර එය මොළයේ ක්‍රියාකාරී ස්ථානවලින් ඉවත් කිරීමක් සිදුකරන බවයි සඳහන් වන්නේ.

2022 වසරේදී ඔස්ට්‍රේලියානු රජය විසින් Take-Home Naloxone Program යටතේ වසර 4 ක කාලයක් Naloxone නිදහස්ව ලබා දීම සඳහා මුදල් වෙන්කර තිබුණා.

ඒ් අනුව මෙය ඖෂධාගාර/ මත්පැන් හා මත්ද්‍රව්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ වෙනත් ස්ථාන වලින් නිදහස්ව ලබා ගැනීමට හැකියාව තිබෙන අතර without a prescription හරහාද Naloxone ලබාගත හැකියි.

World News

Send your contact Details Today