Latest News

බඩ තඩි අයගේ ජෙනරාල් පට්ටම නැතිවෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්විසින් එරට ආරක්ෂක අංශයේ සිටින‘මහත ජෙනරාල්වරුන්’ දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

අමෙරිකාවේ වර්ජිනියාවේ ක්වොන්ටිකෝහිදී අද්මිරාල්වරුන් සහ ජෙනරාල්වරුන්ගේ දුර්ලභ රැස්වීමක් අමතමින් ඔහු මේ බව පවසා තිබුණා.

ඔහු කියා සිටියේ මෙම සාධක හමුදාවේ දශක ගණනාවකසිට පරිහානියට හේතු වූ බවයි.

හෙග්සෙත් ගිය අඟහරුවාදා පැවති අණ දෙන නිලධාරීන්ගේ මෙම හදිසි රැස්වීමට පැමිණ සිටි අයට පැවසුවේ, රජයේ ප්‍රතිපත්තියට සහාය නොදක්වන අය ඉල්ලා අස්විය යුතුබවයි.

“පෙන්ටගනයේ ශාලා තුළ තඩි ජෙනරාල්වරුන් සහ අද්මිරාල්වරුන් දැකීම කිසිසේත්ම පිළිගන්න බෑ”යැයි ඔහු ප්‍රකාශ කළා.

“රැවුල්කාරයෝ තවදුරටත් නෑ” යනුවෙන් පැවසූ ඔහු සියලුම යෝග්‍යතා පරීක්ෂණ පිරිමි ප්‍රමිතීන්ට පමණක් සකසනබවත්, වෘත්තීය නොවන පෙනුමේ යුගය අවසන් බවත් පැවසුවා.

ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ, “මා අද කතා කරන වචන නිසා ඔබේ හදවත ගිලී යනවා වගේ දැනෙනවා නම්, ඒ අයටඉල්ලා අස්වෙලා යන්න පුළුවන්” යනුවෙන්.

කෙසේ වෙතත්, අති බහුතරයක් ඊට විරුද්ධ හැඟීමක් ඇති බවත්, මෙම වචන නිසා ඔවුන්ගේ හදවත් පිරී යන බවත් ඔහු පැවසුවා.

හෙග්සෙත් රැස්වීම ආරම්භ කරමින් කියා සිටියේ, “මොළයක් නැති සහ අශික්ෂිත දේශපාලන නායකයන් වැරදි මඟ පෙන්වීමක් කළ බැවින් අපට අපේ මාර්ගය අහිමි වුණා. අපි ‘වෝක් දෙපාර්තමේන්තුව’ (‘Woke Department’) බවට පත් වූවා. නමුත් එය තවදුරටත් එහෙම වෙන්නේ නෑ” යනුවෙන්.

ලොව පුරා සිට පැමිණි ඉහළම නිලධාරීන්ගෙන් පිරුණු ශ්‍රවණාගාරයක් අමතමින් හෙග්සෙත් , තමා විසින් ඉහළ පෙළේ නිලධාරීන් ඉවත් කිරීමට ගත් තීරණ ආරක්ෂා කරමින් කතා කළා.

ඉවත් කරන ලද නිලධාරීන් අතර කළු ජාතිකයෙකු වූ හිටපු ඉහළම ඇමරිකානු ජෙනරාල්වරයා සහ කාන්තාවක් වූ නාවික හමුදාවේ ඉහළම අද්මිරාල්වරිය ද සිටියා.

ඔහු කියා සිටියේ එම නිලධාරීන් බිඳුණු සංස්කෘතියක කොටසක් බවයි.

හෙග්සෙත් පැවසුවේ වත්මන් ක්‍රමය යටතේ ඉහළම ආරක්ෂක නිලධාරීන් “බිත්තර කටු මත ඇවිදින්නාක් මෙන්” කටයුතු කරන බවයි.

‍ ට්‍රම්ප් රැස්වීම අමතමින් හමුදාව සඳහා පුහුණු ක්‍රීඩාංගන ලෙස ඇමරිකානු නගරවලට හමුදා යෙදවීම් භාවිත කිරීමේ අදහස ඉදිරිපත් කළා.

මෙම සිදුවීම පක්ෂ දේශපාලනය ඇමරිකානු හමුදාව තුළට ගැඹුරින් ඇතුළු කිරීමට උත්සාහ කරන බව පවසමින් ඩිමොක්‍රටිකයින් විසින් එය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

World News

Send your contact Details Today