Latest News

ට්‍රම්ප්ගේ සැලසුමකට, මෝදි කැමති වෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා ගැටුම් අවසන් කිරීම සඳහා වූ අමෙරිකාවේ නව සැලැස්මට ඉන්දියාව සහාය දක්වා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යොමු කළ පණිවුඩය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Truth Social ඔස්සේ නැවත පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

අදාළ සටහනෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ගාසා ගැටුම අවසන් කිරීම සඳහා පුළුල් සැලැස්මක් පිළිබඳ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවේදනය සාදරයෙන් පිළිගන්නා බවයි.

මෙම සැලැස්ම පලස්තීන සහ ඊශ්‍රායල ජනතාවට මෙන්ම කලාපයට දිගුකාලීන තිරසාර සාමය, ආරක්ෂාව සහ සංවර්ධනය සඳහා ශක්‍ය මාවතක් ලබාදෙන බව ද ඔහු පවසා තිබෙනවා.

ඒ අනුව මෝදි වැඩිදුරටත් පවසා ඇත්තේ ජනාධිපති ට්‍රම්ප්ගේ මුලපිරීම පිටුපස සියලුදෙනා එක්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

World News

Send your contact Details Today