Latest News

පැය 02ක ගමන, විනාඩි 02ට අඩු කළ ලොව දිගින් සහ උසින් වැඩිම පාලම මෙන්න

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විශාල කඳු දෙකක් යා කරමින් චීනයේ ඉදිකර තිබෙන ලොව උසම පාලම වන Huajiang පාලම ගමනාගමන කටයුතු සඳහා ඊයේ (28) විවෘත කෙරුණා.

චීනයේ Guizhou පළාතේ පිහිටා ඇති මෙහි ප්‍රධාන පාලම, පළලින් මීටර් 1,420 ක් වන අතර, ලොව දිගින් සහ උසින් වැඩිම පාලම ද වනවා.

පාලම සහ ඊට පහතින් ගලා යන ගංගාවේ ජලය මතුපිට අතර උසෙහි පරතරය මීටර් 625 ක් වන අතර, ලොව එවැනි වැඩිම පරතරයක් සහිත ස්ථානය වන්නේ ද මෙයයි.

පාලම ඊයේ (28) දින මෙලෙස ගමනාගමනය සඳහා විවෘත කිරීමත් සමඟ, මීට පෙර ඒ අතර ගමනාගමනයට ගත වූ පැය 2ක කාලය දැන් මිනිත්තු 2 ක් දක්වා අඩු වී තිබෙන අතර මෙහි ඉදිකිරීම් සඳහා වසර තුනක් ගත වුණා.

පහතින් ගලා බසිනා විශාල ගංගාවකට ඉහළින්, එය හරහා ඇති විශාල කඳු දෙකක් යා කරමින් ඉදිකර තිබෙන මෙම පාලම අනාගතයේ දී ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් පමණක් නොව, එම කඳු දෙපස සිටින ජනතාවගේ ජීවිත නඟා සිටුවීමට ද හැකි නව සාධකයක් බවට පත්වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

World News

Send your contact Details Today