මියන්මාරයේ තවමත් සිරවී සිටින සිසුන් 34 දෙනෙකු මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සිය ප්රයත්නයන් වේගවත් කරමින් සිටින බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අද ප්‍රකාශ කළා.
ඒ, මීට පෙර රට තුළ සිරවී සිටි තවත් සිසුන් 20 දෙනෙකු සාර්ථකව මෙරටට ගෙන්වා ගැනීමෙන් අනතුරුවයි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් බාලසූරිය අවධාරණය කළේ සිසුන් 20 දෙනා බේරා ගැනීම සුවිශේෂී ජයග්‍රහණයක් වන අතර, ඉතිරි 34 දෙනා නිදහස් කර ගැනීම කෙරෙහි දැන් අවධානය යොමු වී ඇති බවයි.