Latest News

පලස්තීනය වෙනම රාජ්‍යයක් බවට පිළිගන්නා රටවල්වලට ඊශ්‍රායල අගමැතිගෙන් තරවටුවක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2023 වසරේ ඔක්තෝබර් 07 වනදා සිදුවු සංහාරයෙන් පසුව පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා රටවල් ත්‍රස්තවාදයට සහායක් ලබාදෙන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙටන්යාහු පවසනවා.

එමෙන්ම පලස්තීනය වෙනම රාජ්‍යයක් බවට කිසිදිනෙක සිදුනොවන බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එවැනි පසුබිමක එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ පෘතුගාලය පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගෙන ඇති බව එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමර් නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇතිව ඇති ගැටුම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලොව පුරා බොහෝ රටවල් ඇතුළු යෝජනා කරන්නේ මීට ඇති විසඳුම වන්නේ ද්වි-රාජ්‍යය සැලැස්ම බවයි.

World News

Send your contact Details Today