Latest News

හමාස් සටන්කාමින්ගේ ග්‍රහණයේ පසුවන ප්‍රාණ ඇපකරුවන්ගේ ඡායාරූපයක් නිකුත් කරයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2023 වසරේ සිට ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මේ වනවිට ගාසා පලස්තීනුවන් 65,141 මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් ඉලක්කවලට පහර දෙන්නේ, හමාස් සංවිධානය පැහැරගෙන ගොස් ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල වැසියන් මුදා ගැනීමේ අරමුණින්.

ඊශ්‍රායල හමුදා දිගින් දිගටම ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ඊශ්‍රායල වැසියන් 47 දෙනකු තවමත් ගාසා තීරයේ හමාස් සටන්කාමින්ගේ ග්‍රහණයේ පසුවන බවයි වාර්තා වන්නේ.

හමාස් සටන්කාමීන් එම ප්‍රාණ ඇපකරුවන් 47 දෙනාගේ ඡායාරූප සහ ඔවුන්ගේ විස්තර ඇතුළත් ඡායාරූපයක් මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඒ, ඔවුන්ට සමුදිමට ඊශ්‍රායලයට සිදුවනු ඇතැයි පවසමින්

ඊශ්‍රායල රජය පවසා ඇත්තේ ප්‍රාණඇපයේ සිටිනවා යැයි පැවැසෙන එම ඊශ්‍රායල ජාතිකයන්ගෙන් තවමත් ජීවතුන් අතර සිටින්නේ 20 දෙනකු පමණක් බවයි.

World News

Send your contact Details Today