චීනය සමග සිදුකිරීමට නියමිත TikTok ගිවිසුම සඳහා අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආයෝජකයින් නම් කර තිබෙනවා.
ඒ අනුව ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින් වන රූපට් මර්ඩොක්, ලැච්ලන් මර්ඩොක්, ඔරකල් සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී ලැරී එලිසන් හා ඩෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මයිකල් එස්. ඩෙල් එලෙස නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
චීනයේ බයිට්ඩාන්ස් සමාගම සතු TikTokහි අමෙරිකාවේ පවතින කොටස් අමෙරිකාවට පැවරීම මෙම ගනුදෙනුවේදී සිදු වනවා.
එම ගිවිසුම සම්බන්ධයෙන් මේ වන විට ප්‍රගතියක් ලබා ඇති බවයි ජනපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
පසුගිය ජෝ බයිඩන් පාලනය ජාතික ආරක්ෂාව මත පදනම්ව අමෙරිකාව තුළ TikTok තහනම් කළ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එම තහනම කල් දැමුවා.
ඒ අනුව අමෙරිකාව කොන්දේසි පැනවූවේ තහනම ඉවත් කිරීමට නම්, TikTok හි චීන මව් සමාගම සතු කොටස් චීන නොවන වෙනත් පාර්ශ්වයකට අලෙවි කරන ලෙසයි.