Latest News

ඊශ්‍රායලයට ඩොලර් බිලියන හයකට ආසන්න ආයුධ විකිණීමට අමෙරිකාව සූදානම්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව, ඊශ්‍රායලයට ඩොලර් බිලියන හයකට ආසන්න ආයුධ විකිණීමට සූදානම් වනවා.

ට්‍රම්ප් පරිපාලනය කොංග්‍රසයට පවසා ඇත්තේ ඊශ්‍රායලයට ඩොලර් බිලියන හයකට ආසන්න ආයුධ විකිණීමට සැළසුම් කර ඇති බවයි.

ගාසා තීරයේ යුද්ධයට ඊශ්‍රායලයට ලබාදෙන සහයෝගයක් ලෙසයි මෙම ගණුදෙනුව සිදු කෙරෙන්නේ.

ඒ එච් 64 හෙලිකොප්ටර් යානා 30ක් පාබල ප්‍රහාරක වාහන 3,200ක් ඇතුළු තවත් ආයුධ රැසක් මෙම ගණුදෙනුවේ දී ඊශ්‍රායලයට හිමිවනවා.

ඊශ්‍රායලයට ජාත්‍යන්තරයෙන් එල්ලවන පීඩනය හේතුවෙන් එරටට ප්‍රහාරාත්මක අවි විකිණීම වැළැක්වීමට අමෙරිකා සෙනට් සභිකයින් දැඩි උත්සාහයක නිරත වනවා.

එහෙත් ට්‍රම්ප් පරිපාලනය මෙම ගණුදෙනුව සාර්ථක කර ගැනීම සඳහා කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

World News

Send your contact Details Today