ලෝකයේ දේශපාලන ක්ෂේත්‍රය තුළ AI භාවිතය ඉහළ යමින් පවතින අතර, මීට පෙර ඇල්බේනියාවේ දූෂණය මැඩලීම සඳහා කෘත්‍රිම බුද්ධිය අමාත්‍ය ධුරයකට පත් කිරීමේ පුවතක් වාර්තා වුණා.
එම ප්‍රවණතාව තවදුරටත් ඉදිරියට ගෙන යමින්, ජපානයේ දේශපාලන පක්ෂයක් සිය නායකයා ලෙස කෘත්‍රිම බුද්ධිය පත් කර තිබෙනවා.
බටහිර ජපානයේ කුඩා නගරයක හිටපු නගරාධිපතිවරයෙකු වූ ෂින්ජි ඉෂිමාරු විසින් පසුගිය ජනවාරි මාසයේදී “පුනරුදයේ මාවත” (Path to Rebirth) නමින් මෙම දේශපාලන පක්ෂය ආරම්භ කළා.
2024 වසරේ පැවති ටෝකියෝ ආණ්ඩුකාරවරයා තේරීමේ මැතිවරණයේදී දෙවන ස්ථානයට පත්වීමත් සමඟ ඉෂිමාරු මහතා මුළු රටේම අවධානය දිනා ගැනීමට සමත් වුණා.
කෙසේ වෙතත්, මේ වසරේ පැවති එරට උත්තර මන්ත්‍රී මණ්ඩල මැතිවරණයේදී සිය පක්ෂයට එකදු ආසනයක් හෝ දිනා ගැනීමට නොහැකි වීම නිසා ඇති වූ කලකිරීමෙන් ඔහු පක්ෂ සභාපති ධුරයෙන් හදිසියේ ඉල්ලා අස්වුණා.
ඉෂිමාරුගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා පැවති අභ්‍යන්තර ඡන්ද විමසීමකින්, කියෝතෝ විශ්වවිද්‍යාලයේ 25 හැවිරිදි ආචාර්ය උපාධි අපේක්ෂකයෙකු වන කෝකි ඔකුමුරා ජයග්‍රහණය කළා.
එහෙත්, ඔහු එම තනතුර භාර නොගත් අතර, පක්ෂයේ නව නායකයා කෘත්‍රිම බුද්ධිය (AI) වනු ඇති බව නිවේදනය කර තිබෙනවා.
එම කෘත්‍රිම බුද්ධි පද්ධතිය සහ පක්ෂය අතර මානව සම්බන්ධීකාරක ලෙස පමණක් කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
මෙම නව කෘත්‍රිම බුද්ධි නායකයා පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු මෙතෙක් හෙළි කර නැහැ.
කෙසේ වෙතත්, ඔකුමුරා මහතා පැහැදිලි කළේ පක්ෂ සාමාජිකයින්ගේ දේශපාලන ක්‍රියාකාරකම් පාලනය කිරීමක් සිදු නොවන බවත්, කෘත්‍රිම බුද්ධිය මඟින් ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබන්නේ පක්ෂයේ සම්පත් කළමනාකරණය කිරීම බවයි.
ලොව පුරා දක්නට ලැබෙන මෙවැනි ප්‍රවණතා සැලකිල්ලට ගත් විට, නුදුරු අනාගතයේ දිනක කෘත්‍රිම බුද්ධිය මැතිවරණ සඳහා ද තරග කරනු දැකගත හැකි වුවහොත් එය පුදුමයට කරුණක් නොවනු ඇති.