ඉන්දුනීසියාවේ මධ්‍යම පැපුවා පළාතේ අද (19) අලුයම රික්ටර් මාපක 6.1 ක නොගැඹුරු භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරනවා.
භූමිකම්පාවේ කේන්ද්‍රය පැපුවා නිව්ගිනියාව සමඟ බෙදාගත් විශාල පැසිෆික් දූපතේ ඉන්දුනීසියානු අර්ධයේ පිහිටි නබීරේ නගරයට කිලෝමීටර් 28 ක් දකුණින් පිහිටා තිබෙන බවයි එම ආයතනය පැවසුවේ.
USGS භූමිකම්පාව රික්ටර් මාපක 6.1 ක සහ කිලෝමීටර් 10 ක ගැඹුරකින් වාර්තා කළ අතර, ඉන්දුනීසියාවේ BMKG ඒජන්සිය එය රික්ටර් මාපක 6.6 ක සහ කිලෝමීටර් 24 ක ගැඹුරකින් යුක්ත වූ අතර, කුඩා පසු කම්පන කිහිපයක් ද සිදුව තිබෙනවා.
විශාල දූපත් සමූහයක් වන ඉන්දුනීසියාව, ජපානයේ සිට ගිනිකොනදිග ආසියාව හරහා සහ පැසිෆික් ද්‍රෝණිය හරහා විහිදෙන භූ තැටි ගැටෙන දැඩි භූ කම්පන ක්‍රියාකාරකම් චාපයක් වන පැසිෆික් “ගිනි වළල්ල” මත එහි පිහිටීම හේතුවෙන් නිතර භූමිකම්පා අත්විඳිනවා.