ඛේදජනක ගුවන් අනතුරකට මුහුණ දුන් එයාර් ඉන්දියා ගුවන් යාන මගීන් සිව් දෙනෙකුගේ පවුල් විසින් ගුවන් යානා නිෂ්පාදක බෝයිං (Boeing) සහ ගුවන් යානා කොටස් නිෂ්පාදක හනීවෙල් (Honeywell) සමාගම් වලට එරෙහිව අමෙරිකාවේදී නඩු පවරා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගුවන් යානයේ අක්‍රිය ඉන්ධන ස්විචයන් හේතුවෙන් අනතුර සිදුවූ බවත්, සමාගම් දෙකම අවදානම් ගැන දැන සිටියද කිසිවක් නොකළ බවයි මෙම පවුල් චෝදනා කරන්නේ.
ඔවුන් වැඩිදුරටත් චෝදනා කරන්නේ, සමාගම්වල නොසැලකිලිමත්කම මෙම අනතුරට හේතු වූ බවයි.
2024 ජුනි මාසයේදී ලන්ඩන් වෙත පියාසර කිරීමට නියමිතව තිබූ, එයාර් ඉන්දියා 171 දරණ බෝයිං 787 ගුවන් යානය, අහමදාබාද් (Ahmedabad) ගුවන් තොටුපොළෙන් ගුවන් ගත වූ මොහොතින් පසු කඩා වැටීමෙන් පුද්ගලයන් 260 ක් මිය ගියා.
මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, ගුවන් යානය ගුවන් ගත වූ විගස එන්ජින්වලට යන ඉන්ධන සැපයුම කපා හැරී ඇති බවයි.