Latest News

පියාඹන මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරට ලක්වෙයි (VIDEO)

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ පැවති ගුවන් සංදර්ශනයක් සඳහා පෙරහුරුවකදී පියාඹන මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

ඒ අනුව Xpeng AeroHT වාහන, ගුවනේදී ගැටී ඇති අතර, ගොඩබෑමේදී එකක් ගිනිගෙන ඇති බවයි එම සමාගම රොයිටර්ස් වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ.

නිෂ්පාදන ආයතනය වන ඒක්ස්පෙන්ග් ඒරෝඑච්ටී ආයතනය චෝදනා කරන්නේ ගුවනේදී ප්‍රමාණවත් දුරක් පවත්වා නොගැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම සිදුවීම පියාසර වාහන පිළිබඳ ආරක්ෂක ගැටළු කිහිපයක් ඉස්මතු කරන අතර, පියාසර කුලී රථ ළඟදීම අහසට මුදාහැරීමට නියමිතව තිබෙනවා.

යානාවලින් එකක් ප්‍රවේශමෙන් ගොඩබෑ නමුත් අනික ගිනිගනිමින් කඩාවැටුණු බවත් එමඟින් කිසිවෙකුටත් හානි සිදු නොවූ බවත් වාර්තා වනවා.

World News

Send your contact Details Today