ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ 75 වැනි උපන්දිනය වෙනුවෙන් සුබ පතමින් ආජෙන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෙනොල් මෙසී, සිය අත්සන සහිත ක්‍රීඩා ජර්සියක් තෑගි කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු මේ වසර අගභාගයේදී ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා සහභාගි වීම සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිත අතර, ඉන්දීය අගමැතිවරයා මුණ ගැසීමට නියමිත බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
ලියෙනොල් මෙසීගේ ඉන්දීය සංචාරය සංවිධාන කරන ක්‍රීඩා වැඩසටහන් ප්‍රවර්ධන නිලධාරියකු වන සටඩ්රු දත්තා සඳහන් කර ඇත්තේ නවදිල්ලි සහ මුම්බායි නගරවල සංචාරය කිරීමට මෙසී ඉතා කැමැත්තෙන් පසුවන බවයි.
මෙසීගේ ඉන්දීය සංචාරය අතරතුරදී අගමැතිවරයා හමුවීමට අවස්ථාවක් ලබා දීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවද ඔහු සඳහන් කර තිබෙනවා.
