ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු සමාජ මාධ්‍ය තහනමට අනුකූල වීම සඳහා සමාජ මාධ්‍ය සමාගම් බාලවයස්කාර ගිණුම් අක්‍රිය කිරීම වැනි පියවරයන්ට ගැනීමට සූදානම් වනවා.
සන්නිවේදන අමාත්‍ය අනිකා වෙල්ස් සහ ඊ-සේෆ්ටි කොමසාරිස් ජූලි ඉන්මන් ග්‍රාන්ට් අද පැවසුවේ දෙසැම්බර් 10 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිත සමාජ මාධ්‍ය වයස් සීමාවන්ට අදාල මාර්ගෝපදේශ එළිදැක්වූ බවයි.
මාර්ගෝපදේශ යටතේ, වයස අවුරුදු 16 ට අඩු දරුවන් සමාජ මාධ්‍ය ගිණුම් තබා ගැනීම වැළැක්වීම සඳහා ඔවුන් සාධාරණ පියවරයන් ගැනීමට අපොහොසත් වුවහොත් ඩොලර් මිලියන 49.5 දක්වා දඩ මුදල් අය කළ හැකි බව සන්නිවේදන අමාත්‍යවරිය සඳහන් කළා.
ඇය කියාසිටියේ නව නීතිවලට අනුකූල වීමට අවශ්‍ය තොරතුරු ඔවුන් සතුව ඇති බැවින් ඊට අවශ්‍ය පියවර ගැනීම සමාජ මාධ්‍යවල කාර්ය භාරයක් බවයි.
පවතින බාල වයස් ගිණුම් හඳුනාගෙන අක්‍රිය කිරීම සහ ඔවුන්ට නැවත එම ගිණුම්වලට පිවිසීම වැළැක්විය යුතු වීම සමාජ මාධ්‍ය ආයතන මගින් අපේක්ෂා කරන එක් කාර්යයක් බව අමාත්‍යවරිය ප්‍රකාශ කළා.
මෙම මස මුලදී රජය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව වයස් සහතික කිරීමේ තාක්ෂණය “කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස” ක්‍රියාත්මක කළ හැකි බවට තර්ක කළ නමුත් මෙම ක්‍රමවලට දෝෂ පවතින බවයි වාර්තා වන්නේ.
එහෙත් සමාජ මාධ්‍ය Platforms දැනටමත් වයස් සහතික කිරීම වෙනුවෙන් තම මෙවලම් සංවර්ධනය කර ඇති බව ඊ-සේෆ්ටි කොමසාරිස්වරිය පෙන්වාදෙනවා.
නව මාර්ගෝපදේශ මඟින් පරිශීලකයාගේ වයස් ප්‍රකාශන මත පමණක් රඳා පැවතීම පමණක් සිදුනොකර අඛණ්ඩව පද්ධති නිරීක්ෂණය කර වැඩිදියුණු කිරීමටද නියෝග කර ඇති බව සඳහන් .
Platforms වලට පරිශීලකයින්ගේ වයස අන්තර්ජාලය හරහා ඔප්පු කිරීමට ඇති එකම ක්‍රමය ලෙස රජයේ හැඳුනුම්පත ලබා දීමට බල කළ නොහැකි අතර ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග වෙත යොමුවිය යුතු බව කොමසාරිස්වරිය කියාසිටියා.
වයස් සීමාවන් දැමූ සමාජ මාධ්‍ය Platforms අතරට Facebook, Instagram, Snapchat, TikTok, X සහ YouTube ඇතුළත් වනවා.