අමෙරිකාවේ ‘The Newyork Times’ පුවත්පතට එරෙහිව අමෙරිකානු ඩොලර් බිලියන 15 ක වන්දියක් ඉල්ලමින් අපහාස නඩුවක් ගොනු කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා.
වසර 174ක් පැරණි අමෙරිකානු පුවත්පතක් වන එය රටවල් 150කින් පුවත් ආවරණය කරන පුවත්පතක්.
එහි සේවය කරන මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව 1700කට අධිකයි.
වර්තමානයේ වඩාත් ප්‍රචලිතව ඇත්තේ එහි Online පුවත්පතයි.
ට්‍රම්ප් පවසන්නේ ‘The Newyork Times’ පුවත්පත, අමෙරිකානු ඉතිහාසයේ නරකම සහ වඩාත්ම පරිහානියට පත් පුවත්පත්වලින් එකක් බවයි.
එය රැඩිකල් වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හොරණෑවක් බවට පත්වෙමින් ඇති බව ට්‍රම්ප් චෝදනා කරනවා.
එම පුවත්පත් තමාට මඩ ගසන බව දැන සිටි නමුත් ද්වේෂ සහගත අපහාසයක් හමුවේ මෙම වාර්තාගත වන්දිය ඉල්ලා සිටීමට අපහාස නඩව පැවරූ බවයි ඔහු පවසන්නේ.
‘The Newyork Times’ පුවත්පතට බොහෝ කාලයක් තිස්සේ තමාට නිදහසේ බොරු කීමට, මඩ ගැසීමට සහ අපකීර්තියට පත් කිරීමට ඉඩ දුන් නමුත්, එය දැන් නතර වන බවත් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ නඩුව විභාග වනු ඇති බවත් ට්‍රම්ප් අවධාරණය කරනවා.