Latest News

ඊශ්‍රායලය සිදු කළ ජන සංහාරයක් ගැන එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසමෙන් අනාවරණයක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදුකර ඇති බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම පවසනවා.

2023 වසරේ දී හමාස් සමඟ යුද්ධය ආරම්භ වූ දා සිට ජාත්‍යන්තර නීතිය යටතේ අර්ථ දක්වා ඇති ජන සංහාරක ක්‍රියාවන් පහෙන් හතරක්, ඊශ්‍රායලය සිදුකර ඇති බවට නිගමනය කිරීමට සාධාරණ හේතු ඇති බවයි එම විමර්ශන කොමිසමේ වර්තාවක සඳහන් කර ඇත්තේ.

මේ අතර ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය පැවසුවේ අදාළ වාර්තාව ප්‍රතික්ෂේප කරන බවත්, එය විකෘති සහ අසත්‍ය ප්‍රකාශයක් බවයි

ඒ, අනුව එය හෙළා දකින බවයි ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ.

World News

Send your contact Details Today