Latest News

අවන්හලකදී වැරදි තැනකට මුත්‍රා කළ තරුණයන් දෙදෙනෙකුට වැඩ වරදී

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ අවන්හලකදී ආහාර සකසා ගන්නා හොට්පොට් තුළට මුත්‍රා කළ යොවුන් තරුණයන් දෙදෙනකුට යුවාන් මිලියන 2.2ක් කේටරින් ආයතන දෙකකට ගෙවීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ චීනයේ දැවැන්තම හොට්පොට් ආහාර ජාලයක් වන හයිදිලාඕ ශාඛාවක මෙම සිදුවීම වී ඇති බවයි.

17 හැවිරිදි තරුණයන් දෙදෙනකු මත්පැන් ගෙන කළ ක්‍රියාව ඔවුන් විසින් සමාජ ජාල ඔස්සේ මුදාහැර තිබුණා.

කිසිවෙකු විසින් තරුණයන් මුත්‍රා කරන ලද මෙම හොට්පොට් එකෙහි කුළුබඩු යෙදූ සුප්එක පරිභෝජනය කළ බවට අනුමානයක් නැතත් සිද්ධියෙන් පසු දින කිහිපය තුළ අවන්හලේ ආහාර ගත් දහස් ගණනකට ඔවුන්ගේ ආහාර බිල්පත් නැවත ගෙවීමට හයිදිලාඕ කටයුතු කළා.

පෙබරවාරියේ සිදුවූ මෙම සිදුවීම නිසා අදාළ අවන්හලට යුආන් මිලියන 23කපාඩුවක් සිදුවූ බවයි එරට වාර්තා පැවසුවේ.

ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය පාරිභෝගිකයන් වෙත ගෙවූ වන්දි මුදල්ද සමඟ බව එම අවන්හල් ජාලය නිවේදනය කර තිබෙනවා.

පසුගිය සිකුරාදා ෂැංහයි අධිකරණයක් හමුවේ කරුණු ඉදිරිපත් වුණේ යෞවනයන් සමාගම්වල දේපළ අයිතිවාසිකම් මෙන්ම කීර්තිය ‘අපහාස කිරීමේ ක්‍රියාවන්’ තුළින් උල්ලංඝනය කර ඇති බවයි.

අවන්හලේ කීර්තිය සහ මෙහෙයුම් සඳහා හානිකිරීමට යුආන් 130,000ක් ද පිරිසිදු කිරීම් සහ නීතිමය කටයුතු සඳහා යුවාන් 70,000ක් ද වශයෙන් දඩ නියම කර තිබෙනවා.

මෙම සිද්ධියෙන් පසු සිය ශාඛා ජාලයේම හොට්පොට් අලුතින් මිලදීගෙන ස්ථාපනය කිරීමට එම අවන්හලට සිදුව තිබුණා.

හොට්පොට් යනු චීන ජාතිකයන් අමු ආහාර ආහාර තම්බා ක්ෂණිකව ආහාරයට ගැනීම වෙනුවෙන් කුළුබඩු යොදා සැකසූ සුප් එකක් වැනි දියරයක්. එය නටන සුප් එකක් වැනිම වන අතර උඳුනක් මත තිබියදී ආහාර සකසාගෙන ආහාරයට ගනු ලබනවා.

මස්, මාංශ එළවළු ඕනෑම දෙයක් මෙමඟින් තත්පර ගණනක් තුළ තම්බාගැනීමට හැකි වන පරිදි සකසා තිබෙනවා.

World News

Send your contact Details Today