අමෙරිකානු දේශපාලන ක්‍රියාකාරිකයකු මෙන්ම ලේඛකයකු වූ චාලි කර්ක්ගේ ඝාතනය එරට ට්‍රම්ප් පරිපාලනය තුළ බියක් ඇති කර තිබෙන බව අමෙරිකානු මාධ්‍ය වාර්තා පවසනවා.
මෙම කම්පන සහගත වෙඩි තැබීමෙන් පසුව, ආරක්ෂක සේවා සඳහා අමතර ඩොලර් මිලියන 58ක් අනුමත කරන ලෙස ට්‍රම්ප් පරිපාලනය විසින් එරට කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
අමෙරිකාවේ කොංග්‍රසය යනු ෆෙඩරල් රජයේ ව්‍යවස්ථාදායක ශාඛාවයි.
විධායක සහ අධිකරණ සාමාජිකයන් ආරක්ෂා කිරීම සඳහාත් කොන්ග්‍රස් සාමාජිකයන්ගේ ආරක්ෂාව සඳහා වැඩි මුදලක් එක් කිරීමට ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් ද සහය පළ කර තිබෙනවා.
නමුත් ඉදිරි පියවර සඳහා ව්‍යවස්ථාදායක ශාඛාවට භාර දී ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.
එරට පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි සහ අගනුවර පොලිස් ප්‍රධානියා සමඟසිය සාමාජිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ඔන්ලයින් සාකච්ඡාවක් පැවැත්වීමත් සමඟ අතිරේක ඩොලර් මිලියන 58ක් ඉල්ලා සිටීම පිළිබඳ වාර්තා වී තිබෙනවා.
මේ අතර ප්‍රධාන පක්ෂ දෙකේම නායකයින්, තාවකාලික අරමුදල් පනතක් පිළිබඳවද සාකච්ඡා කරමින් සිටින බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.
අමෙරිකාව මෙම ඝාතනයත් සමඟ දේශපාලන ප්‍රචණ්ඩත්වයේ ඉහළ යාමක් අත්විඳිමින් සිටිනවා.
නව තත්ත්වය හමුවේ අමෙරිකානු දේශපාලකයන් අධිකරණ සාමාජිකයන් සිය ආරක්ෂක අවශ්‍යතාව පිළිබඳ වාර්තා අලුතින් සාදා ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.
ඒවායෙහි බහුලව දක්නට ලැබී ඇත්තේ එළිමහන් දේශපාලන කටයුතු ගෘහස්ත වැඩසටහන් ලෙස මාරු කර ඇති අතර ඇතැමුන් සිය ජනහමු ආදිය අවලංගු කර ඇති බවයි.
ආරක්ෂක අරමුදල් වැඩි කිරීමේ යෝජනාව පිළිබඳ පුවතට ප්‍රතිචාර දැක්වූවන් පැවසුවේ එරට කොන්ග්‍රසය සහාය දෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වන බවයි.
මේරිලන්ඩ්විශ්ව විද්‍යාලයේ ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදයට ප්‍රතිචාර දැක්වීම පිළිබඳ අධ්‍යයන ආයතනයට (START) අනුව, 2025 පළමු මාස හය තුළ එක්සත් ජනපදය පුරා ත්‍රස්තවාදී කුමන්ත්‍රණ සහ ක්‍රියා සහ ඉලක්කගත ප්‍රචණ්ඩත්වය සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙනවා.
දත්ත පෙන්නුම් කරන්නේ එවැනි සිදුවීම් 520 කට වඩා සිදු වී ඇති අතර, ඒවායින් 96 දෙනෙකු මිය ගොස් 329 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. මෙය 2024 එම කාලයට සාපේක්ෂව එවැනි ප්‍රචණ්ඩත්වය 40% කට ආසන්න වැඩිවීමක් නියෝජනය කරනවා.
31 වියැති චාලි කර්ක් ගෙවුණුබදාදා (සැප්තැම්බර් 10) දින උටා වැලි සරසවියේදී සංක්‍රාන්ති ලිංගික සමූහ වෙඩික්කරුවන් පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සිටියදී ගෙලට මාරාන්තික වෙඩි තැබීමක් සිදුවුණා.
බලධාරීන් පවසන්නේ රොබින්සන් නමැති ඝාතන සැකකරු අධි බලැති, බෝල්ට්-ඇක්ෂන් රයිෆලයක් භාවිතා කර, අඩි 200ක් පමණ දුරින් වහලයක සිට කර්ක් වෙත වෙඩි තැබූ බවයි.