Latest News

ඊශ්‍රායල ජාතිකයන්ට බ්‍රිතාන්‍යයේ විශේෂ ස්ථානයකින් තහනමක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රිතාන්‍යයේ කීර්තිමත් හමුදා අධ්‍යයන ආයතනයක් වන රාජකීය ආරක්ෂක අධ්‍යයන විද්‍යාලය විසින් ඉදිරි වසර සඳහා ඊශ්‍රායල සිසුන් ඇතුළත් කර ගැනීම තහනම් කර තිබෙනවා.

ගාසා තීරයේ පවතින යුද්ධය හේතුවෙන් එක්සත් රාජධානි රජය මෙම තීරණය ගෙන ඇති බවයි ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරන්නේ.

බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ ඔවුන්ගේ පාඨමාලා ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුකූල වීම ගැන අවධානය යොමුකරන බවයි.

ඊශ්‍රායලය සිය මිලිටරි ක්‍රියා තවදුරටත් උත්සන්න කිරීම වරදක් බවත්, ක්ෂණික සටන් විරාමයක් සහ රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් අවශ්‍ය බවත් එංගලන්තය විශ්වාස කරනවා.

ඊශ්‍රායල නිලධාරීන් මෙම තහනම විවේචනාත්මක සහ නින්දිත ක්‍රියාවක් ලෙස හඳුන්වා තිබුණා.

මෙය බ්‍රිතාන්‍යයේ සම්ප්‍රදායට පටහැනි බවයි ඊශ්‍රායලය පෙන්වා දෙන්නේ.

මෙම සිදුවීම මගින් ගාසා යුද්ධය හේතුවෙන් ලන්ඩන් සහ ජෙරුසලම අතර උණුසුම් වී ඇති සබඳතා තවදුරටත් පෙන්නුම් කරයි.

1927 දී ආරම්භ කළ දා සිට මෙම විද්‍යාලය ඊශ්‍රායල ජාතිකයින්ට තහනම් කළ පළමු අවස්ථාව මෙයයි.

එංගලන්තයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, බ්‍රිතාන්‍ය ආරක්ෂක වැඩසටහන් ‘පුළුල් පරාසයක රටවල’ නිලධාරීන්ට විවෘතව තිබුණද, සියලු එක්සත් රාජධානියේ හමුදා පාඨමාලා ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුකූල වීම අවධාරණය කළ යුතු බවයි. “ගාසා තීරයේ තම හමුදා මෙහෙයුම තවදුරටත් උත්සන්න කිරීමට ඊශ්‍රායල රජයේ තීරණය වැරදි බවය” මෙමගින් පෙන්වා දීමට බ්‍රිතාන්‍ය පියවර ‍ගත් බව සඳහන්.

ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේ, “වහාම සටන් විරාමයක් ඇති කරමින්, ප්‍රාණ ඇපකරුවන් නැවත ලබා ගනිමින්, සහ ගාසා තීරයේ ජනතාවට මානුෂීය ආධාර වැඩි කරමින්, මෙම යුද්ධය දැන් අවසන් කිරීමට රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් තිබිය යුතු බවය”.

විද්‍යාලයට සහභාගී වූ ඊශ්‍රායල නිලධාරීන් අතරට ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) අමීර් බාරම් සහ ඊශ්‍රායල හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජනරාල් එෆී ඩෙෆ්රින් ද ඇතුළත්.

බාරම් මෙම පියවර”වෙනස් කොට සැලකීමක්” සහ “යුද්ධයක යෙදී සිටින මිතුරෙකුට කරන ලද දැඩි අගෞරවනීය ක්‍රියාවක්”ලෙස හඳුන්වා දී තිබෙනවා.

ඊශ්‍රායලය සමඟ සබඳතා පළුදු වී ඇති අතර, ගාසා තීරයේ සිදුවෙමින් පවතින යුද්ධය සම්බන්ධයෙන් එංගලන්තයේ කෝපය වැඩිවෙමිනුයි පවතින්නේ.

2023 ඔක්තෝබර් 7 වන දින හමාස් නායකත්වයෙන් යුත් ත්‍රස්තවාදීන් 1,200 දෙනෙකු ඝාතනය කර, ප්‍රධාන වශයෙන් සිවිල් වැසියන්, 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගත් විට මෙම යුද්ධය ආරම්භ වී තිබුණා.

මීට අමතරව, එක්සත් රාජධානිය සහ ඊශ්‍රායලය අතර සබඳතාවල ආතතිය පෙන්නුම් කරන වෙනත් සිදුවීම් ද වාර්තා වී තිබෙනවා.

ජූනි මාසයේදී, එක්සත් රාජධානිය අන්ත දක්ෂිණාංශික අමාත්‍යවරුන් වන ඉටාමර් බෙන් ග්වීර් සහ බෙසාලෙල් ස්මොට්‍රිච්ට සම්බාධක පැනවූ අතර ඊශ්‍රායලය සමඟ වෙළඳ සාකච්ඡා අත්හිටුවූවා.

ජූලි මාසයේදී, එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාමර් නිවේදනය කළේ, ඊශ්‍රායල රජය ගාසා තීරයේ යුද්ධය සහ මානුෂීය අර්බුදය අවසන් කිරීමට පියවර නොගතහොත්, එක්සත් රාජධානිය මේ මාසයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී පලස්තීනය රාජ්‍යයක් බවට පිළිගන්නා බවයි.ඊශ්‍රායලය වහාම මෙම පියවර හෙළාදැක තිබුණා.

පසුගිය මාසයේදී, බ්‍රිතාන්‍ය රජය ලන්ඩන් ප්‍රධාන අවි ප්‍රදර්ශනයකට ඊශ්‍රායල ආරක්ෂක සමාගම් සහභාගී වීම තහනම් කර තිබුණා.

මෙලෙස තියුණු මතභේදාත්මක තත්වයන් තිබියදීත්, ඊශ්‍රායලජනාධිපති අයිසැක් හර්සොග් පසුගිය සතියේ එක්සත් රාජධානියට ගොස් ස්ටාමර් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර, දෙපාර්ශ්වයම තවමත් මිතුරන් ලෙස සිටින බව එහිදී පවසා තිබුණා.

World News

Send your contact Details Today