Latest News

2050 දී ඕස්ට්‍රේලියාවට අවදානම් තත්ත්වයක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2050 වර්ෂය වන විට වෙරළබඩ ප්‍රදේශවල ජිවත්වන ඕස්ට්‍රේලියානුවන් ජාතිකයන් මිලියන එකහමාරකගේ නිවාස හා ජීවනෝපායන් තර්ජනයට ලක් වනු ඇති බවට එරට ජාතික දේශගුණික අවදානම් තක්සේරු වාර්තාව අනතුරු අඟවා තිබෙනවා.

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන ගංවතුර, සුළි සුළං, නියඟ සහ ලැව්ගිනි හේතුවෙන් එම තත්ත්වය ඇති විය හැකි බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ.

තාපය ආශ්‍රිත රෝගවලින් සිදුවන මරණ සංඛ්‍යාව ද ඉහළයාමට හැකියාවක් පවතිනවා.

එම වාර්තාවලට අනුව අවස්ථා තුනකදී සෙල්සියස් අංශක 1යි දශම 5 වැඩි, සෙල්සියස් අංශක 2ට වැඩි සහ සෙල්සියස් අංශක 3ට වැඩි අගයකින් ගෝලීය උණුසුම ඉහළ යාමේ හැකියාවක් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් දේශගුණික විපර්යාස අමාත්‍ය ක්‍රිස් බොවන් පැවසුවේ ඉදිරි වසරවලදී ඇති විය හැකි දේශගුණික විපර්යාසවල බලපෑම අවම කර ගැනීම සඳහා හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

ඕස්ට්‍රේලියාවේ උෂ්ණත්වය මේ වන විටත් සෙල්සියස් අංශක 1.5 ට වඩා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එය සෙල්සියස් අංශක 3 දක්වා වර්ධනය වුවහොත් උෂ්ණත්වය හේතුවෙන් මියයන පුද්ගලයින් සංඛ්‍යාව සියයට 400ක් දක්වා ඉහළ යාමේ අවදානමක් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

World News

Send your contact Details Today