Latest News

එයාර් ඉන්දියා අනතුරින් දිවි ගලවාගත් විශ්වාෂ් කුමාර් ගැන කවුරුත් නොසිතූ තොරතුරක් වාර්තා වෙයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එයාර් ඉන්දියා අනතුරින් දිවි ගලවාගත් එකම පුද්ගලයා ඔහු එක්සත් රාජධානියට නැවත නොඑනු ඇතැයි ඔහුගේ පවුලේ අය හෙළි කර තිබෙනවා.

ඒ ඔහු යළි ගුවන් යානයකට නැගීමට බිය වීම හේතුවෙන් බවයි පවුලේ අය පවසා ඇත්තේ.

පුද්ගලයන් 260 දෙනෙකුට මරු කැඳවමින් ජුනි මාසයේ සිදු වූ අනතුරෙන් 40 හැවිරිදි විශ්වාෂ් කුමාර් රමේෂ් පමණක් දිවි ගලවාගත් අතර මුහුණේ සහ පපුවේ ඇති වී තිබූ කැපුම් තුවාල වලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔහුව රෝහලට රැගෙන ගියා.

තවද අනතුරින් පසු ඔහු මනෝ චිකිත්සක ප්‍රතිකාර වෙත යොමු කළ බවද වාර්තා වනවා.

මෙම අනතුරෙන් විශ්වාෂ් කුමාර්ගේ 35 හැවිරිදි සහෝදරයාද ජීවිතක්ෂයට පත් වුණා.

World News

Send your contact Details Today