Latest News

ඊශ්‍රායලය විසින් ගාසා නගරයට ප්‍රහාර එල්ල කිරීම තවදුරටත් තීව්‍ර කරයි – පුද්ගලයන් 53ක් ජිවිතක්ෂයට

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය විසින් ගාසා නගරයට ප්‍රහාර එල්ල කිරීම තවදුරටත් තීව්‍ර කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයන් 53 දෙනෙකු ඝාතනය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රධාන කුළුණු තුනක් ඇතුළුව ගොඩනැගිලි 16 ක් මෙම ප්‍රහාර වලින් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාර වලට අමතරව ඊශ්‍රායලය ආහාර සැපයුම් අවහිර කිරීම හේතුවෙන් කුසගින්නෙන් මියගිය සංඛ්‍යාව ද 422 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ප්‍රහාර හේතුවෙන් දහස් ගණනක් පළා යමින් සිටිනවා.

මේ අතර පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනයේ ප්‍රධානී පිලිප් ලසරිනි කියා සිටියේ පසුගිය දින හතර තුළ පමණක් ගාසා නගරයේ එම ආයතනයේ ගොඩනැගිලි 10 කට ප්‍රහාර එල්ල වී ඇති බවයි.

World News

Send your contact Details Today