ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජය විසින් යෝජිත සංක්‍රමණ පනතේ වෙනස්කම් පිළිබඳව ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමසාරිස් ලොරේන් ෆින්ලේ (Lorraine Finlay) දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.
ඇය අනතුරු අඟවා ඇත්තේ සංශෝධන මගින් මානව හිමිකම් අඩපණ කළ හැකි අතර ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර නීතිමය බැඳීම් ඉන් උල්ලංඝනය කළ හැකි බවටයි.
මෙම සතිය මුලදී රජය විසින් 1958 සංක්‍රමණ පනත (Cth) සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී නීති සම්පාදනය කරනු ලැබූ අතර, ඇතැම් පුරවැසියන් නොවන අයට සමීක්ෂණ අවස්ථා නොමැතිව තුන්වන රටවලට ඉවත් කිරීමට ඉඩ සලසන සංශෝධන ද ඊට ඇතුළත් වුණා.
මානව හිමිකම් කොමිසමකාරිය සඳහන් කර ඇත්තේ මෙම සංශෝධන සාධාරණ සමාජයක මූලික නීතිමය ආරක්ෂාවක් වන සවන් දීමට ඇති අයිතිය ඉවත් කර ඇති බවයි.
එමගින් පුද්ගලයෙකුගේ ජීවිතය, ආරක්ෂාව, සෞඛ්‍යය සහ පවුල සම්බන්ධ වැදගත් තීරණවලට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව නොමැතිව, 3 වන රටකට යැවිමට රජයට ඉඩ සැලසෙන බව ද ඇය පෙන්වා දෙනවා.
යෝජිත නීති මගින් අදාළ වීසා තීරණ පසුකාලීනව වලංගු කිරීමට ද උත්සාහ කරන අතර, එය පසුකාලීන අපරාධ වගකීමට හේතු විය හැකි බවයි ඇය පවසන්නේ.
මෙම වෙනස්කම් ඔස්ට්‍රේලියාවේ මානව හිමිකම් බැඳීම්වලට හානි නොවන බව සහතික කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් ප්‍රවේශමෙන් පරීක්ෂා කළ යුතු බව ද ඇය අවධාරණය කළා.