රුසියාවෙන් තෙල් මිලට ගැනීමෙන් වළකින්නැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ රටවලින් ඉල්ලා සිටිනවා.
එමගින් චීනය රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා සියයට 50 සිට 100 දක්වා තීරු බදු පැනවුවහොත් රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි ට්‍රම්ප් පවසන්නේ.
යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා නේටෝවේ කැපවීම සියයට 100කට වඩා “බොහෝ දුරට අඩු” බවත් සන්ධානයේ සමහර සාමාජිකයින් විසින් රුසියානු තෙල් මිලදී ගැනීම “කණගාටුදායක” බවත් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.
චීනය සහ ඉන්දියාවෙන් පසු රුසියානු තෙල් මිලදී ගන්නා තුන්වන විශාලතම ගැනුම්කරු බවට 2023 සිට, නේටෝ සාමාජික තුර්කිය පත්ව ඇතැයි බලශක්ති සහ පිරිසිදු වාතය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය පවසනවා.
රුසියානු තෙල් මිලදී ගැනීමට සම්බන්ධ රාජ්‍යයන් 32 අතර අනෙකුත් සාමාජිකයින් අතර හංගේරියාව සහ ස්ලෝවැකියාව ද ඇතුළත් වනවා.
තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් හෝ හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් සමඟ ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් තවමත් සෘජුවම ගැටී නොමැති බවද සඳහන්.
ට්‍රම්ප්ගේ සටන පැමිණෙන්නේ පසුගිය බදාදා පෝලන්තයට රුසියානු ඩ්‍රෝන යානා කිහිපයක් පියාසර කිරීමෙන් පසුව වන අතර ඒවා පෝලන්තය විසින් විනාශ කර තිබෙනවා.
බ්‍රිතාන්‍යය සිකුරාදා රුසියානු තෙල් වෙළඳාමට භාවිතා කළ බවට චෝදනා එල්ල වන යාත්‍රා 70 ක් තහනම් කිරීම මෙන්ම රුසියාවට ඉලෙක්ට්‍රොනික උපකරණ, රසායනික ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය සහ අනෙකුත් ආයුධ සංරචක සැපයූ චීනය සහ තුර්කිය පදනම් කරගත් ව්‍යාපාර ඇතුළු පුද්ගලයින් සහ සමාගම් 30 කට සම්බාධක පැනවුවා.