එක්සත් ජනපදය සහ ඉන්දියාව නැවත සාකච්ඡා ආරම්භ කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.
ඒ දෙරට අතර වෙළඳ බාධක විසඳීම සඳහායි.
ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social හි සටහනක් තබමින් පැවසුවේ දෙරට අතර වෙළඳ බාධක විසඳීම සඳහා ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව ප්‍රකාශ කිරීමට තමන් සතුටු බවයි.
ඉදිරි සතිවලදී සිය හොඳ මිතුරෙකු වන අගමැති මෝදි සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ට්‍රම්ප් පවසනවා.
ශ්‍රේෂ්ඨ රටවල් දෙකටම සාර්ථක එකඟතාවකට පැමිණීමට කිසිදු දුෂ්කරතාවයක් ඇති නොවන බව තමන්ට විශ්වාස බව ද ට්‍රම්ප් පවසා තිබෙනවා.
රුසියානු තෙල් මිලදී ගැනීම් සඳහා අතිරේක සියයට 25 ක දඩයක් ඇතුළුව, ඉන්දියානු භාණ්ඩ සඳහා එක්සත් ජනපදය සියයට 50 ක තීරුබදු පැනවීමෙන් සති කිහිපයකට පසුව ට්‍රම්ප් මේ බව පැවසුවේය. මේ අතර ජනාධිපති ට්‍රම්ප්, ධවල මන්දිරයේදී මීට පෙර පවසා තිබුණේ ඉන්දු – අමෙරිකානු සබඳතා ඉතා විශේෂ බවයි.
ඒ සම්බන්ධයෙන් කනස්සල්ලට පත්වීමට කිසිවක් නොමැති බවත්, තමන් සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර් මෝදි සැමවිටම මිතුරන් වන බවත් ඔහු පැවසුවා.