සරල රුධිර පරීක්ෂණයක් හරහා පිළිකා හඳුනාගත හැකි නව තාක්ෂණයක් මෙල්බන් ආශ්‍රිත OncoRevive නමැති ජෛව තාක්ෂණික සමාගම විසින් නිපදවා තිබෙනවා.
රෝගියෙකුගේ රුධිර සාම්පලයක් සමග විශේෂ ප්‍රතික්‍රියාකාරක කට්ටලයක් මිශ්‍ර කර රුධිරය තුළ ඇති DNA සහ රුධිරයට මුදා හරින ප්‍රෝටීන වැනි පිළිකා සංඥා හඳුනා ගැනීම මෙහිදී සිදු කෙරෙනවා.
සමාගමේ සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී සමිරා සදෙගි (Samira Sadeghi) පවසන්නේ මෙය සෑම පුද්ගලයෙකුගේම වාර්ෂික රුධිර පරීක්ෂණයේ කොටසක් බවට පත් කිරීම අරමුණ බවයි.
සිඩ්නි හි පැවති Tech23 සමුළුවේදී මෙම නව තාක්‍ෂණය හඳුන්වා දී තිබෙනවා.
එහිදී ඇය කියාසිටියේ, පිළිකා හඳුනාගැනීම සඳහා දැනට පවතින liquid biopsy ක්‍රමය මිල අධික හා වැඩි කාලයක් ගතවන අතර ඇතැම්විට ප්‍රතිකාර සැලසුම්වලට අදාළ ගැලපීම් ද ප්‍රමාද කරන බවයි.
එහෙත් OncoRevive හි AI විශ්ලේෂණයෙන් සහාය වන නව පරීක්ෂණයෙන් පැය දෙකක් ඇතුළත ප්‍රතිඵල ලබාදිය හැකි අතර පවතින ක්‍රම හා සසඳන විට 40% ක පිරිවැය අඩු කිරීමක් ලබා දෙනවා.
වත්මන් liquid biopsyවල පවතින ඩොලර් 4000 සිට ඩොලර් 5000 දක්වා මිල ගණන් වෙනුවට, ඩොලර් 1000 ක පමණ පිරිවැයක් පරීක්ෂණය සඳහා ඉලක්ක කරන බවයි සමාගම පවසන්නේ.
එය ආවරණ සැලසුම්වලට ඇතුළත් කිරීමට රක්ෂණ සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද සමාගම කියා සිටියා.